විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 3 වනදා

17

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුල අනවසර ඉදිකිරීම් සිදුකිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අප්‍රේල් මස 3 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අදාළ පෙත්සම ජනක් සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පසුගිය 2015 වසරේ මෙම පෙත්සම ගොනු කරමින් පෙන්වා දුන්නේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළිකොට ඒ තුල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය නම් කර තිබෙනවා.

Your Comments