විපක්ෂ නායක කාර්යාලයෙන් ඔම්බුඩිස්මන් කාර්යාලයක්

19

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් බලපෑම් එල්ල වූ විවිධ ක්ෂේත්‍රවල නිරත වන්නන්ට පැමිණිලි කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ ඔම්බුඩිස්මන් කාර්යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
ලබන සතියේ එම කාර්යාලය පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.
ප්‍රහාරයත් සමඟ ජීවනෝපාය අහිමි වූ සහ ආර්ථික අර්බුද වලට ලක් වු පුද්ගලයින්ට සහන ලබාදෙන බවට රජය පසුගියදා කළා.
කෙසේ වෙතත් ඒ පිළිබදව මෙතෙක් කිසිදු බැංකුවකට නිළ වශයෙන් උපදෙස් ලබාදී නොමැති බවයි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ.

Your Comments