විපක්ෂ නායකකම සජිත්ට දෙන්නැයි එජාප මන්ත්‍රීවරුන් 70ක අත්සනින් කතානායක ලිපියක්

6

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද දිනයේ කථානායකවරයාට ලිඛිතව ඉල්ලීමක් සිදු කිරීමට සූදානම් වන බවට වාර්තා වනවා.
බහුතරයක කැමැත්ත සහිත අත්සන් 70කින් සමන්විත ලිපියක් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
කෙසේවෙතත්, හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේ විපක්ෂ නායක ධූරයට සුදුසුම පුද්ගලයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වන බවයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා ද මීට පෙර කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කළා.
අද පැවති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ පක්ෂයේ ඇතැම් පිරිස් නායකත්වය සහ විපක්ෂ නායක ධූරයෙන් සිදුකරන ඉල්ලීම් පදනම් විරහිත බවයි.

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ද අදහස් පළ කලා.

Your Comments