විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

11

විදෙස් රැකියා ලබාදෙන බව පවසා ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 05ක පමණ මුදලක් වංචා කළ පුද්ගලයෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පානදුර, බණ්ඩාරගම, මතුගම, කළුතර, ඇල්පිටිය, මාතර හා රඹුක්කන යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකගෙන් මෙම මූදල් වංචාව සිදුකර ඇති බව අනාවරණය වී ඇත්තේ.
මුදල්වලට අමතරව කුලී පදනම මත වාහන රැගෙන එම වාහන නැවත ලබා නොදී වංචා කළ බවට ද සැකකරුට එරෙහිව පැමිණිලි ලැබී තිබෙනවා.
එලෙස වංචා කරන ලද මෝටර් රථ 04ක් සහ ජීප් රථයක් සැකකරු සතුව තිබී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි මුදලිගේ දොන් සමන්ත නොහොත් ඉතාලි සමන් නැමැති අයෙකු වන අතර ඔහු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Your Comments