විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

35

ප්‍රදේශ දෙකකදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය දුම්වැටි ළඟ තබාගත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව විදේශීය දුම්වැටි 560 ක් තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මේ අතර උහන ප්‍රදේශයේදී ද නීතිවිරෝධී ලෙස දුම්වැටි 200 ක් ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments