විදෙස් දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

14

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගමන් මළු පරික්ෂා කිරීමේදී දුම්වැටි කාටුන් 148 ක් සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් දහසය ලක්ෂ විසි අට දහස ඉක්මවන බවයි රේගුව සදහන් කළේ.
සැකකරු වයස අවුරුදු 41 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Your Comments