විදෙස්ගත ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම යළි තාවකාලිකව අත්හිටුවයි

33

විදෙස්ගත ලාංකිකයන් මෙරටට ගෙනවා ගැනීම මැතිවරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව යළි අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් එළැඹෙන 8 වැනිදා සිට යළි එම කටයුතු ආරම්භ කෙරෙන බවයි වාර්තා වන්නේ.
ඩුබායිහි රැඳී සිටින ලාංකිකයන් 660කට අධික පිරිසක් මෙරටට පැමිණීමට සූදානමින් සිටින බවත් ඔවුන් 8 වනදා මෙරටට පැමිණීමට නියමිත බවත් වාර්තා වනවා.
එසේම මැලේසියාව, සිංගප්පූරූව, ඉන්දියාව, බහරේන්, ඕමාන්, ඕස්ට්‍රේලියාව, කටාර් ඇතුළු රටවල රැඳී සිටින ලාංකිකයන්ද මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.
මහ මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත කර ගැනීමත් සමග විදෙස්ගත ලාංකිකයන් රටට ඇතුළු වීමේදී ඇති විය හැකි බාධා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නෙ.

 

Your Comments