වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට

7

හබරණ – මින්නේරිය මාර්ගයේ හබරණ නගරය ආසන්නයේදී ත්‍රීරෝද රථයක් සහ යුද හමුදා සෙබළුන් රැගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද(18) පස්වරු 3.05ට පමණ අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එහිදී රියදුරු මියගොස් ඇති අතර අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් මියගොස් තිබෙන්නේ ගම්මුදා රවුම් පාර හිඟුරක්ගොඩ ලිපිනයේ පදිංචි කේ.පී.එම්. වීරසුන්දර නමැති 41 හැවිරිදි අයෙකි.

ත්‍රිරෝද රථ රියදුරුගේ මෘතදේහය හබරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔහුද සුළු තුවාල ලබා හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments