වෑන් රථයක් අනතුරට – බිළිඳෙක් මරුට – 12කට තුවාල

18

කැකිරාව මඩපෙරුමාගම ප්‍රදේශයේ දී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් කැකිරාව රෝහලට ඇතුළත් කෙරුණා.
තුවාල කරුවන්ගේ තත්වය බරපතල බැවින් ඔවුන් අනුරාධපර රෝහලට මාරු කර යවා තිබෙනවා.
එහිදී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගොස් ඇත්තේ මාස තුනක බිළිඳෙක්.
තුවාලකරුවන් අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු වෙයි.
මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි පිරිස රැගත් වෑන් රථයේ රියදුරුට නින්ද යැමෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඊයේ (28) පස්වරු 4.30 ට පමණ ට පමණ අනතුර සිදුව තිබෙනවා.

Your Comments