වැසි රහිත කාලගුණය තවදුරටත්

18

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවීමේ හැකියාව හැර සෙසු පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු පළාතේ සහ මාතලේ, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට පැයට කිලෝ මීටර 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර 30-40 අතර වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

Your Comments