වැසි අපේක්ෂාවෙන් විදුලිබල මණ්ඩලයෙන් පිංකම් රැසක්

10

ජල පෝෂක ප්‍රදේශවලට නිසි කලට වැසි අපේක්ෂාවෙන් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මස්කෙලිය සමන් දේවාලයේ දී පින්කම් රැසක් කළා.

පින්කම් ඊයේ (10) රාත්‍රියේ පැවැත්වුණා.

ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරි සි.ජි.එස් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සුබසාධක සංගමය එක්වයි පින්කම් සංවිධාන කර තිබුණේ.

මස්කෙලිය සමන් දේවාලයේ විශේෂ බෝධි පුජාවක් පවත්වා පසුව සමන් දෙවියන් වෙනුනේ විශේෂ දේව පුජාවක්ද පවතවනු ලැබුවා.

ඊයේ රාත්‍රියේ සිට අද (11) අලුයම තෙක් මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් පිරිත් සඡ්ඡායනාවක් ද පවත්වා අද අලුයම මහ සංඝ රත්නය විෂයෙහි හිල් දානය ද පිරිකර ද පූජා කෙරුණා.

පිංකම් සඳහා කැනියොන්, ලක්ෂපාන , නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන්, සේවකයින් සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් මෙන්ම මස්කෙලිය, නල්ලතන්නිය අවට ප්‍රදේශවාසින් සහ ආරක්ෂක අංශවල නිලධාරින් රැසක් සහභාගි වූවා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments