වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නේදැයි තීන්දුව අද

21

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව අද ලබාදීමට නියමිතයි.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය සහ නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.
මෝසමක් ගොනු කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ මෙම ඉල්ලීම සිදුකළා.
ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට කළ දැනුම් දීමට අදාළවයි.
ඒ අනවු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය ඊයේ දැනුම් දුන්නේ ඊට අදාළ තීන්දුව අද ලබා දෙන බවයි.

Your Comments