UPDATE: වැලිකඩ විරෝධතාව තවදුරටත් – විශේෂ විමර්ශන නිලධාරියෙක් බන්ධනාගාරයට

47

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහලය මතට නැගී ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකවනවා.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 20 දෙනෙකු පමණ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වන්නේ ඊයේ උදෑසන සිටයි.
තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරියෙකු අද උදෑසන බන්ධනාගාරයට පිටත් කර යවන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව ද තර කර ඇති බව සදහන්.


වැලිකඩ කාන්තා රැඳවියන්ගේ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි [Aug 14, 2018 @ 10:54]

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහලය මතට නැගී ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකවනවා.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 20 දෙනෙකු පමණ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වන්නේ ඊයේ උදෑසන සිටයි.

තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.

කාන්තා රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරියෙකු අද උදෑසන බන්ධනාගාරයට පිටත් කර යවන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව ද තර කර ඇති බව සදහන්.

Your Comments