වැල්ලවාය මාලේවන රක්ෂිතයේ ගින්නක් – අක්කර 30 කට වඩා විනාශයි
ජයන්ත වීරසේකර - වැල්ලවාය

45

වැල්ලවාය, කඳු රක්ෂිතයේ අද (17)උදෑසන සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30කට වඩා විනාශ වී ඇති බව  නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ. ඊට අමතරව මෙම රක්ෂිතයේ තිබූ වසර සිය ගණනක් පැරණි ශාක රැසක්ම විනාශ වී තිබෙනවා.

මාලේවන රක්ෂිතයේ ශ්‍රී ලංකාවට ආවේණික වූ පක්ෂීන් සහ වන සතුන් රැසක් ජීවත් වූ අතර එම සතුන් රැසකටද ජීවත අහිමිව තිබෙනවා. පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගින්න මැඩපැවැත්වීම සදහා අද(17) දහවල් වන විටත් කිසිදු පාර්ශ්වයක් මැදිහත් නොවූ බව ගම්වාසීන් පවසනවා. සතුන් දඩුවම් කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයකු මෙම රක්ෂිතයට ගිනි තබාගන්නට ඇති බව පොලිසිය සැකපල කරන අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments