වැල්ලම්පිටිය ‘තඹ අබ්දුල්ලා’ 8 වන දා දක්වා යළි රිමාන්ඩ්

29

වැල්ලම්පිටිය, තඹ කර්මාන්ත ශාලාවේ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන මස 8 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කරන බව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියා.

විත්තිකරුට ඇප ලබා දෙන ලෙසට විත්තියේ නීතිඥයා ඉල්ලා සිටියත්, අධිකරණය එය ප්‍රතික්ෂේප කළා.

මේ අතර අධිකරණය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේ, විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

වැල්ලම්පිටිය, තඹ කර්මාන්ත ශාලාවේ සිට අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන්නේ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලායි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් සඳහා බෝම්බ නිෂ්පාදනය කර ඇත්තේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී බවටයි සැකපළව ඇත්තේ.

තඹ කර්මාන්ත ශාලාව, මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබූ අයෙක් වන ඉන්ෂාෆ් අහමඩ් ට අයත් බවටයි වැල්ලම්පිටිය පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබුණේ.

Your Comments