වැඩ නොකරන සංවිධායකවරුන්ට අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

8

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සියළු බලවේග ඒකරාශි කරමින් ඉදිරියේදී පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ මගින් ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණක් මෙන්ම නිදහස් සමාජයක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා.
ඒ, එක්සත් ජාතික පක්ෂ නව සංවිධායකවරු 06 දෙනෙකුට අරලියගහ මන්දිරයේදී පත්වීම් ලිපි ප්‍රදානය කිරිමේ උත්සවයකට එක්වෙමින්.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලූ දෙනා සිය වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
එලෙස ඒ වගකීම් ඉටු නොකරන සංවිධායකවරු සිටී නම් ඔවුන් සම්බන්ධව ගතයුතු පියවර කුමක් දැයි තම පක්ෂය තීරණය කර ඇති බව ද හෙතෙම සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතායි.
මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පත් කෙරුණා.
කලක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයද දැරූ ලලිත් දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී අරණායක ආසනයේ නව ආසන සංවිධායක ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපිය ලබාගනු ලැබුවා.
තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා.

Your Comments