ව්‍යාජ වීසා බලපත්‍ර ඉදිරිපත් කර විදේශගතවීමට උත්සහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට

8

ව්‍යාජ වීසා බලපත්‍ර ඉදිරිපත් කරමින් ඇල්බේනියාවට යාමට උත්සහ කළ තරුණයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.
ඕමානයේ මස්කට් නුවර සිට ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යාම සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගැනිමට පැමිණි අවස්ථාවේදීයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාරදී තිබෙනවා.

Your Comments