ව්‍යාජ මුදල් නෝට්ටු සහ ව්‍යාජ රන් කැබලි තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

11

ව්‍යාජ මුදල් සහ ව්‍යාජ රන් කැබලි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර ඉසුරුමුණිය රථගාල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රථ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී එහි තිබී එම ව්‍යාජ මුදල් සහ රන් කැබිලි සොයා ගෙන ඇති බව සඳහන්.
රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු 90ක්, රුපියල් දහසේ ව්‍යාජ නොට්ටු 47ක් මෙහිදී සොයා ගෙන ඇති අතර රන් කැබිලි ග්‍රෑම් 280ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් බණ්ඩාරවෙළ සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචි 35 සහ 51 හැවිරිදි වියේ පසුවන්නන්.
ඔවුන් අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත් කිරීමට නියමිතයි.

Your Comments