වළපනේ රිය අනතුරකින් දෙදෙනෙකුට තුවාල

37

මහනුවර රාගල මාර්ගයේ වලපනේ කුඹුල්ගමුව ප්‍රදේශයේ සිදු වු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වලපනේ දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ රිකිල්ලගස්කඩ විදුලි අධිකාරී කාර්යාලයේ ලොරි රථයක කුඩා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවයි නිව්ස්24 වාර්තාකරු සදහන් කළේ.
විදුලිබල මණ්ඩලයේ කාර්මිකයින් පිරිසක් රැගත් මෙම ලොරි රථය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්.

Your Comments