වඳුරඹ අනතුරකින් අයෙක් මරුට

17

ගාල්ල-මාපලගම මාර්ගයේ වඳුරඹ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පුද්ගලික මගී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව සදහන්.

මියගොස් ඇත්තේ වඳුරඹ ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි අයෙක් වන අතර අනතුරට සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments