වත්තල අලෙවිසැලක හටගත් ගින්න නිවා දැමේ

15

වත්තල – නායක්කන්ද ප්‍රදේශයේ පොත් අලෙවිසැලක ඇතිවූ ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද අලූයම හටගත් මෙම ගින්නෙන් අළෙවිසැළ මුළුමනින්ම විනාශ වී ඇති බවයි.

ගින්න නිවාදැමීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ දෙකක් එම ස්ථානයට පැමිණි අතර, පොලීසිය සමඟ එක්ව කටයුතු කර තිබුණා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක කෙරෙන්නේ.

Your Comments