වත්තලදී තිදෙනෙකුට වෙඩි – දෙදෙනෙකු මරුට

41

වත්තල ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ පස්වරු 3.30ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් තවත් කාර් රථයක ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි තබා තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ල වූ රථයේ කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවට අනතුරක් සිදුව නැහැ.
මෘත ශරීර වෙඩි ප්‍රහාරය එල්ල වූ වත්තල හෙකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල අසළ තබා තිබෙනවා.

මියගොස් ඇත්තේ 28 හා 33වන වියේ පසු වූ කොටහේන ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදෙනෙක්.

Your Comments