වටවල කත ඝාතනයට තවත් දෙදෙනෙකු අල්ලයි [PHOTOs]

20

වටවල – රොසැල්ල – විග්ටන් වතුයායේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයගේ ලේලිය සහ මුණුබුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාව ඝාතනය කර නිවස පිටුපස ළිඳකට දැමූ බවට සැකකරුවන් කළ පාපොච්චාරණය අනුව හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද පෙරවරුවේ මෘත ශරීරය ගොඩගැණුනා.

එහිදී එම ස්ථානයට රැගෙනවිත් සිටි සැකකරුවන්ට ප්‍රදේශවාසීන් විසින් පහරදීමට ද උත්සාහ කර තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී එය වළක්වා සැකකරුවන් එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබෙනවා.

(ඡායරූප – රංජිත් රාජපක්ෂ)

Your Comments