ලෝක වන සංරක්ෂණ කමිටු සහ වනාන්තර සති සැමරුම් සමුළුව ඇරඹෙයි

52

ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සහ 6 වන ලෝක වනාන්තර සති සැමරුම් සමුළුව අද ඉතාලියේ රෝම නගරයේදී ආරම්භ වනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසිනුයි මෙය සංවිධාන කර ඇත්තේ.
ජනාධිපතිවරයා අද දින සමුළුව අමතා විශේෂ දේශනයක් ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සමුළුව සංවිධාන කර තිබෙනවා.
වන සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සහ වැඩසටහන් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට, අදාළ සමුළුව පුළුල් දායකත්වයක් සපයන බව සඳහන්.
ලෝක වනාන්තර සතියේදී නව දැනුම හා මෙතෙක් ලබා ඇති ප්‍රධාන ජයග්‍රහණ සම්බන්ධයෙන් එහි සාමාජික රටවල් අතර අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව ද මෙහිදි හිමිවනු ඇති.
ඉතාලි සංචාරයෙන් අනතුරුව විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුව සඳහා සහභාගී විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට ජොර්ජියාව බලා පිටත්ව යාමට ද නියමිතයි.

Your Comments