ලෝක ජල දිනය

1122

ලෝක ජල දිනය 1993 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු මස 22 දින සමරනු ලබනවා.

මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව (United Nations General Assembly) විසින්.

ලෝක ජල දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජලය හා සම්බන්ධව ඇති විවිධ ගැටලු හා ප්‍රශ්න පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කර එම ගැටලු අවම කිරීම සඳහා ජනතාව යොමු කිරීමයි.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ ඒ වසර සඳහා ලෝක ජල දිනය වෙනුවෙන් තේමාවක් හඳුන්වා දෙනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ලෝක ජල දිනය සමරන්නේ එය මේ වනවිට නොසලකා හැරිය නොහැකි සාධකයක් බවට පත්වීම තේමා කරගනිමින්. (Leaving no one behind)

ජල සම්පත මානව අයිතිවාසිකමක්.

ලොව පුරා බිලියන 2.1ක ජනතාවකට පිරිසිදු ජලය නොමැති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

දෛනිකව මියයන දරුවන් 700 දෙනෙකු පමණ එම උවදුරට ගොදුරු වන්නේ ජල දූෂණය සහ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම හේතුවෙන්.

ලොව පුරා නාගරික ප්‍රදේශවල 80% ක් පමණ ජනතාවට පිරිසිදු ජලය නැහැ.

ශ්‍රී ලංකාව ට ද එහි අවදානම පවතිනවා.

ජල මුලාශ්‍ර රැකගැනීම තවදුරටත් පමා කළහොත් එය නිවැරදි කළ නොහැකි වරදක් බවට පත්වනු ඇති.

ලෝක ජනගහනයෙන් මිලියන 663ක් පානය කරන ජලය පිරිසුදු සෞඛ්‍ය ආරක්ෂිත නොවේ.

ඒ නිසා හට ගන්නා රෝග හේතුවෙන් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 842,000ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

2015 දී ප්‍රකාශයට පත් කළ තිරසර සංවර්ධන ඉලක්ක (SDG) අනුව 2030 වන විට සැමට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබාදීමේ ඉලක්කය කරා ළඟාවීමට අවශ්‍ය උපායමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ද මෙවන් දිනක දී වැදගත්.

ලෝකයේ ඇති මුළු ජල ප්‍රමාණය ඝන කිලෝමීටර මිලියන 1386ක්.

එයින් 97.5%ක්ම කරදිය.

මිරිදිය ඇත්තේ 2.5%කි.

මිරිදිය ජලයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ධ්‍රැවීය ප්‍රදේශවල අයිස් කඳු (ග්ලැසියර) වශයෙන්.

තවත් කොටසක් හිම, භූගත ජලය, පාංශු ජලය, වායුගෝලීය ජල වාෂ්ප, ගස්වැල් තුළ, සතුන්ගේ ශරීර තුළ, වැව්, පොකුණු, වගුරුබිම්, ඇළ දොළ ආදී ස්ථාන වල ඇති බව අන්තර්ජාලයේ සඳහන්.

මේ අනුව බලන කළ මිනිසාට පානය හා එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගත හැකි මිරිදිය ජලය ඇත්තේ ගංඟා, ඇළ දොළ, ළිං, පොකුණු, වැව් ආදියේයි.

එම ප්‍රමාණය ලෝක ජල ප්‍රමාණයෙන් 0.29%ක් පමණ.

එය කෙතරම් සුළු ප්‍රමාණයක් ද?

ශ්‍රී ලංකාවේ ජලය හා සම්බන්ධ ප්‍රධාන ගැටලු කිහිපයක් වෙයි.

ජල දූෂණය සහ ජල හිගය ඉන් ද මූලිකය.

මේවාට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ද රටවැසි ජනතාවමය.

ජලය දූෂණය කරන ප්‍රධාන ආකාරය වන්නේ විවිධ අපද්‍රව්‍ය ජල මාර්ගවලට මුදාහැරීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ ප්‍රදේශයේ වෙසෙන ජනගහනයෙන් 80%කටත් වැඩි දෙනා පානීය ජලය ලබා ගන්නේ කැලණි ගංගාවෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය M.M. පද්මලාල් මහතා විසින් කැලණි ග‍ඟේ ජලය සම්බන්ධයෙන් වසර 04ක සිට එම ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව අඛණ්ඩව සිදු කරන පර්යේෂණ මඟින් සනාථ කර ඇත්තේ කැලණි ගංගා ජලයට මිනිස් මල අපද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ අධික ලෙස මුසු වී ඇති බවත් එම ජලයේ සාමාන්‍යයෙන් පැවතිය යුතු ජෛව ඔක්සිජන් ඉල්ලීම (BOD) සහ රසායනික ඔක්සිජන් ඉල්ලීම (COD) අගයත් ‍සම්මත මට්ටමක ඉක්මවා ගොස් ඇති බවක්‌.

මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත් මිනිස් පරිභෝජනයට තබා වගා කටයුත්තකටවත් මෙම ජලය සුදුසු නොවිය හැකිය.

ජල හිඟයට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක්….

  1. ජල උල්පත් සිඳීයාම
  2. ජලය සංරක්ෂණයට ක්‍රියාමාර්ග නොගැනීම
  3. ජල පරිහරණ දුර්වලතා

මධ්‍යම කඳුකරය ප්‍රධාන කොටගත් උස්බිම් වල සිදු කරන වන විනාශය ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉතා කෙටි නියං කාලවලදී පවා ජල උල්පත් සිඳීයයි.

අහස් ජලය යනු මිරිදිය අපට ලැබෙන එකම ක්‍රමයයි.

වර්ෂා කාලයේදී ලැබෙන ජලය එක හුස්මට මුහුදට ගොස් කරදිය බවට පත්වීමට ඉඩ නොතබා හැකි තරම් පොළව මත ජලාශ ලෙස ද පොළව තුළ ජල සංචිත ලෙස ද ගබඩා කර තබා ගැනීමට අපට කළ හැකි දේ බොහෝය.

ජල සංරක්ෂණය, මනා ජල පරිහරණය මෙන්ම ජල දූෂණය වැළැක්වීම ඇතුළත් පුළුල් ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඒ පිළිබඳ පාසල් දරුවාගේ සිටම ආකල්පමය පරිවර්තනයක් සිදු කිරීමට දැනුදු ප්‍රමාදය.

පිරිසුදු ජලය දෙවැනි වන්නේ මවුකිරට පමණී.

සියලු සත්වයන්ට මිය යන තෙක්ම ජීවය ලබාදෙන්නේ ජලයයි.

ජලය දිවියේ ජීවයයි.

——————————————————————————

සමස්ත ලෝකය පානීය ජල අර්බුදයක සිටින මෙවැනි අවස්ථාවක ජල මූලාශ්‍ර සුරක‍ෂිත කිරීම සහ ඒවායේ තිරසර කළමනාකරණය අතිශය වැදගත් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ජල දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

එම පණිවුඩය මෙසේය.

ජල සම්පත මහත් ගරුත්වයෙන් සැලකූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට ජල සම්පාදනය කළමනාකරණය සහ සුරක‍ෂිතතාව සම්බන්ධව සුවිශේෂ අවධානයකින් කටයුතු කොට ඇත. ජල කළමනාකරණයේ නවමු සංකල්පයක් අත්හදා බලමින් ජල සම්පාදන ෙක‍ෂ්ත්‍රය වඩ වඩාත් දියුණු කරමින් ජනතාවට ප්‍රතිලාභ සැලසූ විශිෂ්ට වාරි ඉතිහාසයක් අප රට සතුය.

 එක්සත් ජාතීන් ප්‍රකාශයට පත් කොට ඇති තිරසර සංවර්ධන අරමුණු අතර සැමට ජලය සහ සනීපාරක‍ෂක පහසුකම් ලබා ගැනීම මෙන්ම ඒවායේ තිරසර කළමනාකරණය සහතික කිරීම කෙරෙහි ද ප්‍රමුඛ අවධානය යොමු වේ. එහි සාමාජික රටක් ලෙස එම තිරසර අරමුණු සාක‍ෂාත් කරගැනීම සඳහා සහාය ලබාදීම අපගේ ද වගකීමකි.

 සමස්ත ලෝකය උග්‍ර පානීය සහ පරිභෝජන ජල අර්බුදයක ගිලී සිටින මේ මොහොතේ අපගේ අතීත ජල කළමනාකරණ උරුමයට නවමු අගයක් ලබා දෙමින් අපගේ ජල මූලාශ්‍ර සුරක‍ෂිත කිරීම සහ ඒවායේ තිරසර කළමනාකරණය සඳහා කටයුතු කිරීම අතිශය වැදගත් යුග මෙහෙවරකි.

 අප සතු ස්වාභාවික ජල සම්පත රැකගැනීමට නම් සමස්ත ජනතාවගේ සක්‍රීය දායකත්වය හිමි විය යුතුය. ඒ සඳහා සමාජය දැනුවත් කරමින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලෝක ජල දිනය අනගි අවස්ථාවක් කරගනිමු.

මාර්තු 22 ලෝක ජල දිනය

1992 දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබද ඵක්සත් ජාතින්ගේ සමුළුවේදි නැවුම් ජලය පිළිබද ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වු යෝජනාව මත 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය ඵ් ඵ් වර්ෂයට අදාලව තේමාවන් මුල් කර ගනිමින් ලෝක ජල දිනය සමරනු ලැබිය.

1994 – වසරේ ජල දින තේමාව වුයේ ‘‘අපගේ ජල සම්පත් ආරක්ෂාණය කිරීම සැමගේ වගකීම’’ යන්නයි.

1995 – ජලය හා කාන්තාව අතර ඇති සැබදියාව පිළිබද අවධානය යොමු කරමින් ඵවර තේමාව වුයේ‘‘කාන්තාව සහ ජලය’’ යන්නයි.

1996 -වසරේදී සමාජ ආර්ථික සංවර්ධනයන් සමඟ නව නගර නිර්මාණය විම තුළ ඇතිවන්නාවු ජල ප්‍රශ්ණ පිළිබදව අවධානය යොමු කරමින් ‘‘පිපාසිත නගර සඳහා ජලය’’ නම් තේමාව මුලික කරගනිමින් ලෝක ජල දිනය සමරනු ලැබීය.

1997 – ලොව පවතින සියලුම ජීවින්ට අත්‍යාවශ්‍යවු ජල සම්පත පිළිබද මෙන්ම ඵ් සඳහා වු ඉල්ලුම හා තරඟ පිළිබදව ලෝක අවධානයට යොමු කරමින් ‘‘ලෝකයේ ජලය සැහෙන තරම් තිබේ ද’’යන තේමාව පෙරදැරිව ජල දිනය සමරන ලදි.

1998 – ලෝක ජල දින තේමාව ‘‘භූගත ජලය අනගිභවනියයි’’ යන්නය.

1999 -වසරේ ලොව ප්‍රධන ගංඟා වල සිදු වු ජල ගැලිම් හේතුවෙන් විශාල ජිවිත ගණන් හානිවිම ගැනද අවධානයට ලක් කරමින් ‘‘සියලු දෙන ගඟ පහල ජිවත් වෙතියි’’ යන්න තේමාව යොදා ගැණින.

‘‘21 වන ශත වර්ෂය සඳහා ජලය’’ යන තේමාව මුල් කර ගනිමින් 2000 වසරේ ලෝක ජල දිනය හේග් නුවරදි සමරන ලදී.

2001ට පිරිසිදු පානීය ජලය ලබා දිමෙන් සෞඛ්‍ය තත්ත්වයන් වැඩි දියුණු කිරිමට ජලයේ බලපෑම පිළිබද අවධානය යොමු කරමින් ඵවර ජල දින තේමාව වුයේ ‘‘සෞඛ්‍ය සඳහා ජලය වගකිම භාර ගැනීමය’’.

2002 -සමෝදානමය ජල සැලසුම්කරණය හා කළමනාකරණය යන පණිවිඩය මුල් කරගෙන මෙම ‘‘වසරේසංවර්ධන සඳහා ජලය’’ යන තේමාව භාවිතයට ගැනුණි.

2003 – ඵක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහන මුලිකත්වය ගෙන සැමරු මෙම ලෝක ජල දිනයේ තේමාව වුයේ ‘‘අනාගතය සඳහා ජලය’’ යන්නයි.

2004 -වසරේ තේමාව වුයේ ‘‘ජලය හා ආපදාවන්’’ යන්නයි.

2005 – ජල දින තේමාව ‘‘ජිවය සඳහා ජලය’’ යන්න විය.

2006 – බෝහෝ ආගම් ජලය ශුද්ධ වස්තුවක් ලෙස සලකමින් විවිධ චරිත්‍ර සහ උත්සව සදහා යොදාගනු ලැබිම පිලිබද අවධානය යොමු කරමින් ‘‘ජලය සහ සංස්කෘතිය’’ තේමා ලෙස යොදා ගැණිනි.

2007 – ලෝක ජල දින තේමාව වුයේ ‘‘ජල හිගයට මුහුණ දෙමු’’ යන්නය.

2008 – වසර වන විට අහිතකර සනීපාරක්ෂක තත්ත්වයන් හේතු කර ගෙන සැම තප්පර 20ට වරක්ම දරුවෙකු මරණයට පත්විම පිළිබද දැඩි අවධානයට ලක් කරමින් ඵවර ලෝක ජල දින තේමාව වුයේ ‘‘සනීපාරක්ෂාව’’ යන්නය.

‘‘සිමා මායිම් දුරලමින් සැමට සමසේ ජල සම්පත’’ තේමාව ඔස්සේ 2009 ලෝක ජල දිනය සමරන ලදි.

2010 -ජල ප්‍රමිතිය, පරිසර පද්ධතිය හා මානව සුබ සාධනය පිළිබද තොරතුරු ලොවට ලබා දිමේ අරමුණින් ජල දින තේමාව වුයේ ‘‘සුවබර ලොවකට – සුපිරිසිදු ජලය’’ යන්නයි.

2011 -ජල දින තේමාව ‘‘ජලය සහ නාගරීකරණයයි’’ මේ තුළින් බලාපොරොත්තු වුයේ වේගවත් නාගරීකරණය තුළ ජනගහන වර්ධනය කර්මාන්ත බිහිවිම දේශගුණික විපර්යාස හා ස්භාවික විපත් ජල සම්පත කෙරෙහි බලපානු ලබන ආකාරයයි.

2012 වසරේසෞඛ්‍ය සම්පන්න ජිවිතයකට පිරිසිදු ගුණාත්මක ආහාර භාවිතාවේ වැදගත්කම පිළිබද අවධානය යොමු කරමින් ‘‘ජලය සහ ආහාර සුරක්ෂිතතාව’’ යන්න ලෝක ජල දින තේමාව විය.

2013 – වසරේ ‘‘තේමාව වුයේ ජල සහයෝගිතාවය පිළිබද ජාත්‍යන්තර යන්නයි’’.

2014 -වසරේ ලෝක ජල දින තේමාව වුයේ ‘‘ජලය සහ බලශක්තිය’’ වන අතර 2015 වසරේ ලෝක ජල දින තේමාව වුයේ ‘‘තිරසාර සංවර්ධන හා ජලය’’ යන්නයි.

Your Comments