ලොව පුරා මුස්ලිම් බැතිමතුන් උත්සවශ්‍රියෙන් හජ් උත්සවය සමරයි

9

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් අද උත්සවශ්‍රියෙන් හජ් උත්සවය සමරනවා.

ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර සිටියේ වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමයේ පුළුල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බවයි.

විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය නැමදීම හා හජ් වන්දනාව යන පංචවිධ සාධක පාදක කරගෙන පවත්නා ඉස්ලාම් දහම මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ඨ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන අවස්ථාව මෙය බව ද ජනපතිවරයා පෙන්වා දෙනවා.

මේ අතර, හජ් වන්දනා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සමානාත්මතාව සහ සහෝදරත්වය ප්‍රමුඛ කොටගනිමින් ගොඩනැගී ඇති ඉස්ලාම් දහමේ සියලූම වත්පිළිවෙත්, ආගමික උත්සව එකී අගනා අධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කිරීමට ඉස්ලාම් බැතිමතුන් නිරන්තරයෙන් යොමු කරන අරමුණින් සංවිධාන වී ඇති බව පැහැදිලි බවයි අග්‍රාමාත්‍යරවයා සදහන් කරන්නේ.

Your Comments