ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්

16

ලුණුගම්වෙහෙර කළුපාලව වනජීවි උද්‍යානයේ නිලධාරීන් උද්‍යානය තුළ සංචාරය කරමින් සිටියදී අනවරසයෙන් එම උද්‍යානයට ඇතුළු වී සිටි පුද්ගලයින් තිතදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී වනජීවි නිලධාරීන්ට එම පුද්ගලයන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුව වනජීවි නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමේදී එක් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32ක් පමණ වන කලුපාලම, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනෙක් පුද්ගලයන් දෙදෙනා පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments