ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සකස් කිරීම යුධ හමුදාවට

18

ලබන වසරේ සිට රියදුරු බලපත්‍රය සකස් කිරීම යුද හමුදාවට පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි.
සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 1,340ක මුදලක් ගෙවීමට සිදුවනවා.
කෙසේ වෙතත්, එය පෞද්ගලික සමාගමක් වෙත පවරා තිබීම හේතුවෙන් විදේශයන්ට අතිවිශාල මුදලක් යොමු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Your Comments