ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා ඇප මත මුදා හරියි.

13

තහනම් සංවිධානයකට සම්බන්ධ බවට සැකපිට ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා ඇපමත නිදහස් කළ බව මෙට්රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කළා.
ලූටන් ගුවන් තොටුපොලේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය සෙනසුරාදා යි.
කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් තව දුරටත් විමර්ෂණ ක්‍රියාත්මක බවයි මෙට්රොපොලිටන් ප්‍රති ත්‍රස්ත ඒකකය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.

Your Comments