ලක්ෂ 72ක වල්ලපට්ටා ගුවන්තොටුපලේ දී අල්ලයි

18

වල්ලාපට්ටා තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගමන් මලු‍වල සඟවා වල්ලාපට්ටා රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි NEWS24 ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් රැගෙන ආ වල්ලාපට්ටාවල බර කිලෝ 82ක්.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 72ක් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 සහ 31 වන වියේ පසුවන්නන්.

Your Comments