ලක්ෂ 12ක වල්ලාපට්ටා ගුවන් තොටුපළේ දී අල්ලයි

26

රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් වල්ලාපට්ටා තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී වල්ලාපට්ටා කිලෝ ග්‍රෑම් 27ක් රේගු භාරයට ගෙන ඇති බවයි NEWS24 ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙක්.

ඔහු සිය ගමන් මල්ලේ වල්ලාපට්ටා තොගය සඟවාගෙන මුම්බායි හරහා ඩුබායි නුවර බලා යාමට සූදානම්ව සිටි බව සඳහන්.

වල්ලාපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.

Your Comments