ලංකා මුහුදු සීමාවෙන් පැන යන යාත්‍රා දෙකක් ගැටෙයි

26

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුලදී අනතුරට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ වන විට ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකු (08) මුදා ගෙන ඇති අතර, තව දුරටත් නාවික හමුදාව මඟින් ප්‍රදේශයේ සෝදිසි කටයුතු කරමින් සිටී.

බේරා ගත් ධීවරයන් මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරනු ඇති.

ඊයේ (12) රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංගනය කරමින් ඉන්දියනු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතවන යුරු , ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කොට තිබෙනවා.

එහිදී ධීවර යාත්‍රා 02 ක් සහ ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූවා.

මෙහිදී සෙසු ධීවර යාත්‍රා ඉන්දියානු මුහුදු සීමාව දෙසට පලා ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් එකිනෙක ගැටීම නිසා ‍අනතුරක් සිදුව තිබුණා.

Your Comments