රීයූනියන් දිවයිනට ගිය පිරිස අද දිවයිනට

25

ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිස අද ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි.

ප්‍රංශ රජයට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි රීයූනියන් දිවයිනට නීතිවිරෝධිව ගිය ශ්‍රී ලංකිකයින් 70 දෙනෙකු මෙලෙස රැගෙන එන බවයි ධීවර දෙපාර්තමේන්තුව කියා සිටියේ.

පසුගිය ජනවාරි 09වනදා අඩි 60ක පමණ දිගකින් යුත් ධීවර යාත්‍රාවකින් පුද්ගලයින් 72 දෙනෙකු හලාවතින් පිටත්ව රීයූනියන් දිවයිනට ළඟා වී ඇත්තේ පෙබරවාරි 05 වනදායි.

‘වේ ප්‍රශංසා’ නැමැති බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු පසුගිය 26 වනදා පොලිසියට පැමිණිලි කර තිබුණේ තම යාත්‍රාවඅතුරුදන්ව ඇති බවටයි.

පැමිණිල්ල අනුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ පුද්ගලයා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා මුදලක් අයකර ගනිමින් පුද්ගලයින් 70 දෙනෙකු ප්‍රංශයට අයත් රීයුනියන් දුපත වෙත ගෙන ගොස් ඇති බවක්.

පිරිස රීයුනියෙන් දූපත වෙත ළඟා වී තිබුනේ පෙබරවාරි 05 වැනි දා.

ඔවුන් සම්බන්ධයෙන් සියලු විස්තර මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ.

එම පිරිස අතර කුඩා දරුවන් 05 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු ද වෙයි.

සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම මිනිස් ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බව ද පැවසෙයි.

Your Comments