රිය අනතුරු පහකින් පහක් මරුට තුනක් රෝහලට
අනුර ප්‍රේමකුමාර

25

ප්‍රදේශ පහකදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඕමන්ත, රම්බකුලම් පාලමොටෙයි මාර්ගයේ මාදර්පණික්ක මහිලංකුලම් සමුපකාරය අසලදී පාලමොටෙයි දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු වවුනියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ පාලමොටෙයි, ඕමන්ත ලිපිනයෙහි පදිංචි ශෂිකුමාර් පිරින්දන් නමැති 20 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයාගේ මෘතදේහය වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් ඕමන්තත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතරත එප්පාවල, ඉහළ වැව, අධිරාණිගම මාර්ගයේ රත්තොට ප්‍රදේශයේදී එප්පාවල දෙසට ධාවනය වූ යතුරු පැදියක පදිකයකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ(28) රාත්‍රී අටට පමණ මාර්ගයේ අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයකු ගැටී ඇති බවත් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා එප්පාවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත්ය.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වූ අංක 129, රත්තොට ගම්මානය, ඉහළ හල්මිල්ලෑව, එප්පාවල ලිපිනයේ පදිංචිව සිටි හීන්බණ්ඩාගේ අසිත කුමාර නමැතිත අයෙකි.

මරණකරුගේ මෘතදේහය එප්පාවල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්ත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශ සිදු කරනු ලබනවා.

ඉංගිරිය බටුගම්පල මාර්ගයේ පෙරට්ටුමඩුව ප්‍රදේශයේදී සිදු වු අනතුරකින්ද පුද්ගලයකු මියගොස් තිබෙනවා. බටුගම්පල මාර්ගයේ පෙරට්ටුමඩුව ප්‍රදේශයේදී ඉංගිරි දෛසට ගමන් කරමින් තිබූ පාපැදියක් මාර්ගයේ පෙරලී යාමෙන් සිදු අනතුතරකින් තුවාල ලැබූ පාපැදිකරු ඉංගිරිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉංගිරිය, ඉංගිරිය වත්ත ලිපිනයේ පදිංචි 41 හැවිරිදි පලනි චන්ද්‍රමෝහන් නමැත්තෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. මෘත දේහය හොරණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර කුරුණෑගල ගැට්ටුවාන රවුම් පාර මාර්ගයේ ටෙලිකොම් ආයතනය අසලදී නුවර පාර දෙසට ්‍යාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගත තනොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදික පුද්ගලයකු සහ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුතළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, ගැට්ටුවාන, ලුම්බිණි මාවතත, අංක 50/05 ලිපිනයේ පදිංචිව සිටි ගුණරත්න මැණිකේ නමැති 70 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ මෘතදේහය කුරුණෑගල රෝහල් මෘත ශරීරාගාරයේ තතැන්පත්ත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන කාර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ගොකරැල්ල පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ඕමරගොල්ල පාසල ආසන්නයේදී දඹුල්ල දෙසට ධාවනය වූ කාර් රථයකට ඉස්සර කිරීමට ගිය යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ එක් යතුරු පැදිකරුවකු ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අනෙක් පැදිකරු සහ පසු පැදිකාරියක ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැල්සිරිපුර, කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ළහිරු සම්පත් නමැති 23 හැවිරිදි තරතුණයෙකි.

අදාළ තරුණයාගේ මෘත දේහය ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

 

Your Comments