රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

39

යතුරු පැදියක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ අනුරාධපුර පාදෙනිය මාර්ගයේ ගල්ගමුව සතිපොළ ආසන්නයේදී ඊයේ (18) රාත්‍රීයේ මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් අනුරාධපුර සහ තඹුත්තේගම පොලිසිවලට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මියගොස් තිබෙන අතර සිද්ධියට සැකපිට කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments