රාජිතට සහ ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට සිතාසි

25

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඞ් රූමි යන අයට ලබන 28 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද සිතාසි නිකුත් කෙරුණා.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින්.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ කොළඹදී පැවැති සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාලව ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය ජූලි 31 වැනිදා මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කළා.
ඊට අදාලවයි මෙම සිතාසි නිකුත් කෙරුණේ.

Your Comments