රාගම රිය අනතුරකින් අයෙක් මරුට

17

රාගම, නැලිගම හික්ගහවත්ත මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ හික්ගහවත්ත හන්දියේදී නැලිගම දෙස සිට හික්ගහවත්ත දෙසට ධාවනය වූ කාර් රථයක ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ පැදිකරු සහ කාර් රථයේ රියදුරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යතුරු පැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47ක් පමණ වූ මහර කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

Your Comments