රන් පෙන්ඩනයක් හා මාලයක් කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට

10

කාන්තාවකගේ ගෙල බැඳි රන් පෙන්ඩනයක් හා රන් මාලයක් ගලේවෙල ප්‍රදේශයේ දී කොල්ලකා පලා ගොස් සැඟව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වෙල් යායක් අසළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
කොල්ලකන ලද රන් මාලය හා පෙන්ඩනය ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.
ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments