රන් පියාපත් විකසිත වූ වගයි…! (PHOTOs)

42

රට යන සැමට එකම වැඩ පිළිවෙලක් යටතේ ආරක්ෂාව, රැකවරණය, ප‍්‍රතිලාභ හා වරප‍්‍රසාද පිරිනමන රන් පියාපත් කි‍්‍රයාදාමය, අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයක් අනුව අගෝස්තු මස 08 වන දා ආරම්භ කෙරුණා.

අපේ රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන්නේ, විදේශ රැකියාවල නියුතු වූවන් බව රහසක් නොවේ.

රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් එතෙක් මෙතෙක් පැවති කිසිසු ආණ්ඩුවක් ප‍්‍රමාණවත් කාර්ය භාරයක් ඉටුකර තිබේද යන්න සැක සහිත ය.

විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන්, විවිධ වරප‍්‍රසාද හා දීමනා මීට පෙරද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හදුන්වා දී තිබුනද ඒවා යේ පවතින්නේ විසිරුණු ස්වභාවයකි.

හරීන් ප‍්‍රනාන්දු මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස නිර්මාණය කළ රන් පියාපත් වැඩ පිළිවෙල යටතේ විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් රට රැකියාවට යන ශ‍්‍රමිකයන් සඳහා ඇති සියලූ පහසුකම්, වරප‍්‍රසාද හා දීමනා ආදිය එකම පැකේජයක් යටතට ඒකරාශී වන අතර, ඒවා වඩාත් විධිමත්ව, යාවත්කාලීනව, ක‍්‍රමවත් ආකාරයට පෙළගස්වා තිබේ.

රැකියාවක් සඳහාවිදෙස් ගත වන සියල්ලන්ටම, රන්පියාපත් යටතේ ප‍්‍රතිලාභ රැසකි.

* වෘත්තීය පුහුණුව සහ මඟ පෙන්වීම.
* ස්වයං රැකියා අත්වැල.
* වෛද්‍ය පහසුකම් සහ අනපේක්ෂිත අවස්ථාවලදී අතිහිත දෙන     දේශීය හා විදේශීය රක්ෂණාවරණ.
* විශේෂ ණය පහසුකම්
* දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා දිරිග්නැවීම් හා ශිෂ්‍යත්ව.

රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන විදෙස් ගත ශ‍්‍රමිකයන්ගේ ජීවිතය වඩාත් යහපත් කිරීම රන් පියාපත් කි‍්‍රයාදාමයේ අරමුණයි.

Posted by Ran Piyapath – රන් පියාපත් on Thursday, August 8, 2019

Your Comments