රත්නපුරට නායයාමේ අවදානමක්

38

මධ්‍යම කදුකර ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතිනවා.

ඒ හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ පිළිබඳ ගංගා අවට ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසු විය යුතු බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

මේ, අතර රත්නපුර දිස්ත්‍රික්කයට නායයාමේ අවදානමක්ද නිකුත් කර තිබෙනවා.

අද දිනයේ දී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයෙන්.

ඒ කුඩව ප්‍රදේශයටයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය මිලිමීටර් 172.5ක් ලෙස වාර්තා වූ බවයි.

Your Comments