රත්දොළුගමදී වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට

10

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු සීදූව, රද්දොලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අගහරුවාදා දින රද්දොලුගම නිවාස සංකීර්ණයේ ක්‍රිඩා පිටිය අසළදී අදාළ සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදූව, රද්දොලුව ප්‍රදේශයේ පදිංචි 29 හා 41 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.
සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments