රතන හිමිගේ සුවදුක් බලන්න මහ සෙනඟක් [Photos]
කාදිනල් හිමියන් පැමිණෙයි - ඇමති චම්පිකත් මහනුවරට - බස් සංගම්වලින් දැනුම්දීමක්

33

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළේ පසුගිය 31 වනදා පෙරවරුවේදීයි.
රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා, අසාද් සාලි හා එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලිනුත් ඉවත් කරන ලෙසයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටින්නේ.
වඳ සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ලවන වෛද්‍ය ෂාෆි ට එරෙහිව පරීක්ෂණ සිදු කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් නම් කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කරනවා.
කතෝලික සභාවේ නියෝජිතයෙකු ද රතන හිමියන්ගේ උපවාසයට මේ වන විට සහය පළ කර තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ද පසුගිය දා රතන හිමියන්ට සහය පළ කරමින් මඩකළපුවේදී උපවාසයක් ආරම්භ කළා.
උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා ඊයේ දිනයේ ද දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මහනුවර ශ්‍රී දළඳ මාළිගා පරිශ්‍රයට පැමිණියා.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී එල්ල වූ විරෝධයත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සේනානායක මහතා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයට පැමිණියා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන්.

මේ අතර, චෝදනා එල්ල වී ඇති ආණ්ඩුකාරවරුන්ට සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් ස්වාධින සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.
ඒ අද පෙරවරුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා.

පූජ්‍ය කොටපල අමරකීර්ති හිමියන් ද අදහස් පළ කළා.

ඉල්ලීම් 04 ක් මුල් කරගනිමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 4ක්.
උන්වහන්සේගේ උපවාසයට සහය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රධාන නගරවල කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා සහය පළ කර ඇති බව නිව්ස් 24 වාර්තාකරුවන් පැවසුවා.
මේ අතර ආණ්ඩුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් වලට අද දහවල් 12ට පෙර ප්‍රතිචාර නොදැක්වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ.

Your Comments