රණකාමීන්ගේ අභිමානයේ පාගමන (VIDEO)

72

යුධ හමුදාවේ අභිමානයේ පාගමන අද ඉනාමළුවෙන් ආරම්භ කෙරුණා.

කොළඹ බලා යන ගමනේ දී පාගමන අද නාවුල දක්වා ගමන් කෙරෙනු ඇති.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට අවුරුදු 25ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක රාණකාමීන්ගේ පාගමන ආරම්භ කෙරුනේ පසුගිය 29 ද උදෑසන මැදවච්චිය නගරයෙන්.

පා ගමන දින 11කින් කොළඹට ළඟාවීමට නියමිතයි..

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රදානත්වයෙන් මැදවච්චිය නගරයෙන් ආරම්භ කෙරුණු “පාගමන” සඳහා, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ, ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිශ්ෂංක ඊරියාගම සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ජාතික කොඩිය සහ ඒකක ධජය භාරදීමෙන් අනතුරුව ගමන ආරම්භ කෙරුණා.

‘රණකාමීන්ගේ පාගමන’ සඳහා යුද්ධ හමුදාවේ සියළු ඒකකයන්හී මෙන්ම ගුවන් සංග්‍රාමික බලසේනා පුහුණු පාසලේ සාමාජිකයින් 729ක් සහභාගී වෙයි.

අනුරාධපුරය, දඹුල්ල, නාවුල, උකුවෙල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, පස්යාල, නිට්ටඹුව, කඩවත සහ බොරැල්ල නගරයන් පසුකරමින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පාගමන ළඟාවෙයි.

ගුවන් සංග්‍රාමික බලසේනාව 1994 මැයි මස 01 වන දින (විශ්‍රාමික) බ්‍රිගේඩියර් එච්. එම්. හලංගොඩ ගේ සංකල්පයකට අනුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සන්න වී රටේ භෞමික අඛණ්ඩතාව හා ඒකීය භාවයට ප්‍රබල තර්ජනයක් එල්ලවී තිබු මොහොතක ස්ථාපිත කරනු ලැබිණි.

එතැන් සිට ගුවන් සංග්‍රාමික බලකායේ භට පිරිස් සිය පාබල මෙහෙයුම්වල සුවිශේෂී කුසලතා භාවිතා කරමින් ඔවුන්ගේ නිරන්තර පුහුණුව, නව උපායමාර්ගික සහ තාක්ෂණික ප්‍රවේශයන් වැඩිදියුණු කරමින් සාමය සඳහා වසර 30ක දිගු කාලීන යුද්ධය නිමා කිරිමට දායක වූයේ ඔවුන්ගේ අනර්ඝ ජීවිත පූජා කරමින් ඇස් ඉස් මස් දන්දීමෙනි.

රණකාමීන්ගේ අභිමානයේ පාගමන

රණකාමීන්ගේ අභිමානයේ පාගමන ==============================යුධ හමුදාවේ අභිමානයේ පාගමන අද ඉනාමළුවෙන් ආරම්භ කෙරුණා.කොළඹ බලා යන ගමනේ දී පාගමන අද නාවුල දක්වා ගමන් කෙරීනු ඇති.

Posted by News24 on Friday, May 31, 2019

Your Comments