රට පනින්න හැදූ 16ක් කොටු

8

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

ඊයේ රාත්‍රී කාලයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මඩකලපුව, වාකරේ සහ එරාවුර් ප්‍රදේශවල පදිංචි පිරිසක්.

ඔවුන් අවුරුදු 24 ත් 32 ත් අතර පසුවන්නන්.

මෙම පිරිස කුමන රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළේ ද යන්න අනාවරණ කරගැනිම සඳහා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු වන බවයි පොලීසිය පැවසුවේ.

Your Comments