රජයේ ඖෂධවේදීන් වර්ජනයක

17

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දිවයින පුරා ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඇතැම් රෝහල්වල ඖෂධාගාර වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

බාහිර රෝගී අංශයෙන් සහ සායනවලට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් විසින් අනුමත කරන ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇති බව ද සඳහන්.

නිසි අවශ්‍යතාවක් නොමැතිව ඖෂධවේදීන් බදවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද දිනයේ මෙම සංකේත වැඩ වර්ජනය සිදුකරන බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කළේ.

Your Comments