රංජන් රාමනායක අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

5

වරෙන්තුවක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතීඥ නිෂාරා ජයරත්න මහත්මිය කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක වගන්තිය යටතේ මන්ත්‍රීවරයා විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
මෙම වගන්තිය යටතේ නීතිමය පියවර ගැනෙන පළමු අවස්ථාව මෙයයි.

Your Comments