යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්

42

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට  සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 ක් පමණ වටිනා ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
අයථා මාර්ගයෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපල මිලදී ගැනීමට යොදවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ.

 

Your Comments