යුද හමුදාවේ තිස් දෙනෙකුට උසස්වීම්

39

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිළයටත්, ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකු කර්නල් නිළයටත් උසස් කර තිබෙනවා.
ඒ අනුව, ඩී.ජේ.අයි.පී. ගමගේ, එච්.ආර්. වික්‍රමසිංහ, ජේ.ආර්. අබේමොහොට්ටි, ඩබ්ලිව්.එච්.එම්. මනතුංග සහ ඩී.ඒ.පී.එන්. දෙමන්පිටිය යන බ්‍රිගේඩියර්වරුන් මෙලෙස මේජර් ජෙනරාල් තනතුරට උසස් කර තිබෙනවා.
යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම උසස්වීම් සිදුකර ඇත්තේ.

Your Comments