යුද්ධියේදී ලංකාවට සහය දුන්නැයි DMK පක්ෂයට සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එරෙහිව AIADMK පක්ෂය විරෝධතාවකට සැරසෙයි

45

යුද්ධයේදී ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බවට චෝදනා කරමින් ඩී.එම්.කේ පක්ෂයට සහ ඉන්දීය කොංග්‍රසයට එරෙහිව විරෝධතාවයක නිරත වීමට තමිල්නාඩු පාලක පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය තීරණය කර තිබෙනවා.
ඊයේ දිනයේ රැස්වූ එම පක්ෂයේ නියෝජිතයින් මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඩී.එම්.කේ පක්ෂය සහ කොංග්‍රස් සන්ධාන රජය ඊට ආධාර ලබාදුන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශ වලින් තහවුරු වන බවයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඊ.කේ. පලනිස්වාමි පැවසුවේ.
මෙයට විරෝධය පළ කරමින් ලබන 25 වන දින දැවැන්ත විරෝධතාවයක නිරත වීමට තීරණය කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අපරාධකරුවන් ලෙසට ඉන්දියාව ප්‍රකාශයට පත් කළ යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

Your Comments