යුද්ධයෙන් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් වවුනියාවේදී විරොධතාවයක [Photos]
මාධව කුලසූරිය - වවුනියාව

18

ජාත්‍යන්තර අතුරුදහන්වූවන්ගේ දිනය වෙනුවෙන් යුද්ධයෙන් අතුරුදහන්වු උතුරු පළාතේ පුද්ගලයින්ගේ ඥාතීන් අද වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වුණා.

වවුනියාව,කිලිනොච්චිය,මුලතිව්,යාපනය ප්‍රදේශවල අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයට එක්ව සිටි බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

යුද්ධය අවසන් වි වසර දහයක කාලයක් ගතවුවත් තවමත් යුද්ධයෙන් අතුරුදහන්වූවන්ට කුමක් සිදුවුයේද යන්න සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබාදීමට රජයට නොහැකි වු බව විරෝධතාවයට එක්වූවන් පෙන්වා දෙනවා.

අතුරුදහන්වූවන් පිළිබඳ තොාරතුරු සොයා දෙන බවට වර්තමාන ආණ්ඩුව හා පැවති ආණ්ඩු පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු මෙතෙක් ඉටු වි නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

වවුනියාව ඕමන්ත පන්රිකෙයිදකුලම ගණදෙවි කෝවිල අසළින් ආරම්භ වු විරෝධතාව වවුනියාව ඕමන්ත පැරණි සෝදිසි මුරපොළ අසළින් අවසන් කෙරුණ බව සඳහන්.

විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන්, ශිවශක්ති ආනන්දන් යන මහත්වරුන්, දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

Your Comments